වසරේ පොත් වසන්තය, “2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” අද සිට ආරම්භ වනවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන එම පොත් ප්‍රදර්ශනය සුපුරුදු පරිදි මෙවර ද පැවැත්වෙන්නේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි. ලබන ඔක්තෝම්බර් මස 06 වනදා තෙක් පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බවයි කොළඹ ජාත්‍යන්තතර පොත් ප්‍රදර්ශන කමිටුවේ සභාපති සමන්ත ඉන්දීවර මහතා පැවසුවේ.

2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල ගුවන්විදුලි මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ නෙත් එෆ් එම් විශේෂ කුටියක් ද ස්ථාපිත කර තිබෙනවා.