ප්‍රංශ අග්‍රාමාත්‍ය ෆ්රැන්කොයිස් බයිරූට එරෙහිව එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවකින් ඔහු පරාජයට පත්ව තිබෙනවා. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී ප්‍රංශ ජාතික සභාව නියෝජනය කරන නියෝජිතයින් 364 දෙනෙකු ඔහුට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඔහුට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ නියෝජිතයින් 194 දෙනෙකු පමණයි. ඒ අනුව ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනයේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් වෙත භාර දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය විම හේතුවෙන් ප්‍රංශ ආණ්ඩුව බිඳ වැටීමත් සමග එරට දේශපාලන අර්බුදයක්ද නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා නව අනුප්‍රාප්තිකයෙකු තෝරා පත්කර ගැනීමේ අභියෝගයකට මුහුණ දී තිබෙනවා. 2022 වසරෙන් පසු ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරය වෙනස් වූ 05 වන අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
Published