වප් පුර පසළොස්වක පොහොය අදයි.

ඒ අනුව වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් කඨින චීවර පිංකම් ආරම්භ වන්නේ අදි දිනයේ සිටයි.

ශාසනික සහ සංස්කෘතිකමය වශයෙන් වැදගත් වප් පුර පසළොස්වක පොහොය පිළිබඳ මෙම පැහැදිලි කිරීම, කොළඹ මහානාම විද්‍යාලයේ සහාකාර විදුහල්පති පොල්ගස්ඕවිට, සියඹලාගොඩ සඳමෙත් අරණ භික්‍ෂු මධ්‍යස්ථානයේ අනුශාසක, ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමියන්ගෙන්.

තුරුණුවන්ට සමීපව තම දුවා දරුවන් සමග ආසන්නතම විහාරස්ථානයට ගොස් අද කඨින චීවර පූජාවට අවශ්‍ය මූලික පෙළගැසීම සිදු කරන ලෙසයි පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමියන් බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර, වප් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කළ නෙත් ශ්වේත පූජා වැඩසටහන උදෑසන 06ට ආරම්භ වුණා. ඒ, ගම්පහ මිරිස්වත්ත හෙට්ටියදෙණිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේදීයි.

ඒ අනුව අද දවස පුරා විවිධ පිංකම් එම ධර්ම නිකේතනයේදී පැවැත්වෙනවා. පෙරවරු අටේ සිට එම පිංකම් මාලාව “නේත්‍රාලෝක” යූ ටියුබ් චැනලය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

නෙත් ශ්වේත පූජා වැඩසටහන පිළිබඳ තවත් තොරතුරු දැනගඅනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා ගම්පහ මිරිස්වත්ත හෙට්ටියදෙණිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.