Saturday, May 10, 2025

General line - 0115112241

නිලධාරීන්ගේ දූෂණ සොයන රේගුවේ අලුත් අංශයේ වැඩ ලබන සතියේ සිට



රේගු නිලධාරින්ගේ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ස්ථාපිත කෙරුණු අභ්‍යන්තර කටයුතු අංශයේ වැඩකටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසනවා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියා.