Saturday, May 10, 2025

General line - 0115112241

ඉන්දු - පාකිස්ථාන යුද ගිනි මැද IPL තරගාවලිය අත්හිටුවයි



2025 IPL ක්‍රිකට් තරගාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි සතියක කාලයකට අත්හිටුවා තිබෙනවා. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දු - පාකිස්ථාන ගැටුම්කාරී තත්ත්වය හමුවේ එම තීරණය ගෙන ඇති බවයි. 

බලධාරින් සහ කොටස්කරුවන් සමඟ සාකච්ඡා කර පුළුල් තක්සේරුවකින් අනතුරුව තරගාවලියේ නව කාල සටහන සහ තරග පවත්වන ස්ථානය ප්‍රකාශයට පත් කරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ. 

මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ දිනය වන විට තරග 58ක් පවත්වා තිබුණා. 

තරගාවලියේ ඉතිරි වී තිබූ තරග ගණන 16ක්. 
 

මේ අතර දිල්ලි කැපිටල්ස් හා පංජාබ් කින්ග්ස් කණ්ඩායම් අතර ධරම්ශාලාහීදී ඊයේ පැවති තරගය ද අතමඟ අත්හැර දැමීමට IPL තරග සංවිධායකයින් පියවර ගත්තා. 

ඒ, ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ විදුලිය බිඳ වැටීමකින් පසුව ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක කුළුණක් අක්‍රිය වීම හේතුවෙන්.