Saturday, May 10, 2025

General line - 0115112241

සමූපකාර තොග වෙළඳ සංස්ථාව නැවත තොග වෙළඳාමට සැරසෙයි



අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සහ බෙදාහැරීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත් වීම ඉහළ නැංවීමේ වැඩසටහනක් සකස් කිරීම සම්බන්ධයෙන් වන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනා. 

එම යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.  


ආහාර සුරක්ෂිතතාව සහ ගොවීන්ට සහන සැලසීමේ අරමුණින් සමූපකාර තොග වෙළඳ සංස්ථාව නැවත තොග වෙළඳාමට ප්‍රවිශ්ට වන බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එහිදී කියා සිටියේ.