Saturday, May 10, 2025

General line - 0115112241

නීති විරෝධීව රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල



විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුහැර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක්.

ඇය සන්තකයේ තිබූ දුම්වැටිවල වටිනාකම රුපියල් තිස් පන් ලක්ෂ අසූ හය දහසක් වනවා.

මීට පෙර ද එක් වතාවක් සැකකාර කාන්තාව එලෙස දුම්වැටි රැගෙන යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දුම්වැටි තොගය පොලිස් නිලධාරින් භාරයට ගැනීමෙන් පසුව පොලිස් ඇප මුදා හැරි සැකකාරියට ලබන 12 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දුන් බවයි පොලිසිය පැවසුවේ.