Tuesday, May 13, 2025

General line - 0115112241

නීති විරෝධී මත්පැන් වැටලීමක් අතරතුර වෙඩි තැබීමක්



වැලල්ම්පිටිය, මීතොටමුල්ල - වඩුගොඩවත්ත ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරියෙකු සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ වෙඩි වැදී ඇති පුද්ගලයා අදාළ පොලිස් නිලධාරියාට පහරදී උල් ආයුධයකින් ඇනීමට තැත් කිරීමේදී එම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවයි.

සැකකරු සිදුකල පහරදීමෙන් එම පොලිස් නිලධාරියා ද තුවාල ලබා කොළඹ ජාතික රෝහල ඇතුලත් කර ඇති බව ද පොලිසිය පැවසුවා.

එම වැටලීම සඳහා ගිය පොලිස් නිලධාරින්ට බාධා කිරීම සඳහා සැකකරු විසින් අදාළ ස්ථානයේ සිටි සුනඛයෙකු ලිහා සපා කෑමට සලස්වා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.