Monday, May 12, 2025

General line - 0115112241

ගැරඬිඇල්ලේ බස් අනතුරට හේතුව යාන්ත්‍රික දෝෂයක් නොවන බව විමර්ශනවලදී හෙළිවෙයි 



ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පුද්ගලයින් 22 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ අනතුර යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් සිදුවූවක් නොවන බවට අද සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මූලික විමර්ශන සිදුකළ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බන්ඩාර මහතා සදහන් කර සිටියේ බස් රථයේ ප්‍රමාණය ඉක්මවූ පිරිසක් ගමන් කිරීම, අධික වෙහෙස හේතුවෙන් රියදුරුට නින්ද යාම අනතුරට හේතුවන්නට ඇති බවට සැකපළ කෙරෙන බවයි 

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් හරහා මේ වනවිට පුළුල් විමර්ශන සිදුකෙරෙන බවද  ඔහු වද්දී දුරටත් සඳහන් කර සිටියේ