Tuesday, May 13, 2025

General line - 0115112241

අවසන් මොහොතේත් සර්වඥ ධාතු වන්දනාවට තිස්සමහාරාමයට මහ සෙනගක්



ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී නෙත් එෆ් එම් රේඩියෝවේ මාධ්‍ය දායකත්වයෙන් සංවිධාන කෙරෙන සර්වඥ ධාතු වන්දනාව සඳහා මේ වනවිටත් විශාල සැදැහැවතුන් පිරිසක් එක්ව සිටිනවා.

පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කර ගනිමින් සංවිධානය කෙරෙන නෙත් එෆ් එම් රේඩියෝවේ ශ්වේත පූජා පිංකම් මාලාව අද දිනය පුරා පැවැත්වෙන්නේ ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදීයි.

ඒ පිළිබඳ නවතම තොරතුරු එහි රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්.