Saturday, May 10, 2025

General line - 0115112241

හෙරොයින් කිලෝ 200ක් සමග අත්අඩංගුවට ගත් “ජාකොබ් පුතා” ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට

ටී කේ ජී කපිල



ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන, ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින “ජාකොබ් පුතා” බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු රටින් පළා යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම පුද්ගලයා මාළදිවයිනට පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අවස්ථාවේදී, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව, පළගතුරය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමට කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.