Saturday, May 10, 2025

General line - 0115112241

යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකු අත්අඩංගුවට



යුධ හමුදා විශේෂ කාර්ය බලකායේ සේවය කර පලා ආ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රහසිගත ලෙස ගංජා හේනක් පවත්වාගෙන යාම හේතුවෙන්.

තිස්සමහාරම තුනේ කොළණිය, බෙරලිපොල ප්‍රදේශයේ ඔහු එම ගංජා හේන පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ හමුබන්තොට කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින්.