2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මීට නොබෝ වේලාවකට පෙර නිකුත් කෙරුණා.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ www.doenets.lk fyda www.results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිස ප්‍රතිඵල පරීක්ෂා කළ හැකි බවයි.
උසස් පෙළ විභාගය පසුගිය නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත් වුණා.
ඒ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,312කදීයි. 2024 උසස් පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් තුන් ලක්ෂ තිස් තුන්දහස් එකසිය අසූ පස් දෙනෙකු අයදුම් කර තිබූ බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.