Friday, May 16, 2025

General line - 0115112241

මහින්දානන්දගේ අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කල ඉල්ලීමක් සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගය



ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳව කරුණු දැක්වීමට අවසර දෙන ලෙස අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීම  ලබන 19 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියම කළා. 

ඒ, තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතා විසින් ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර දෙන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බලමින්. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  හිටපු  අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපේක්ෂිත ඇප අයදුම් පතක් ඉදිරිපත් කර ඇති බවත් එය ලබන 19 කැඳවීමට නියමිතව ඇති බවත් මහේස්ත්‍රාත්වරිය එහිදී  සඳහන් කළා.  

එදින මෙම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට එහිදී දැනුම් දුන්නේ.