Friday, May 9, 2025

General line - 0115112241

කලා වැවේ ජල කාන්දුවෙන් කිසිදු අවදානමක් නැහැ

තිසර සමල් සෝමරත්න



කලා වැවෙහි පවතින ජල කාන්දුව හේතුවෙන් කිසිදු අවදානමක් නොමැති බව බලධාරින් පවසනවා. 

එම ජල කාන්දුව සම්බන්ධයෙන් සොයා බැලීමට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් මහතා හා ඉංජිනේරුවරුන් එහි පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එහිදී තොරතුරු අනාවරණ වී ඇත්තේ කලා වැවෙහි පිටවාන අසල වේල්ලෙහි පවතින එම ජල කාන්දුව දීර්ඝ කාලයක සිට පවතින්නක් බවයි. 

එම ජල කාන්දුව නතර කිරීමට කඩිනමින් පියවර ගැනීමට ද එහිදී තීරණය වී තිබෙනවා.