ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ මිලියන ගණනකට විදුලිය අහිමි කරමින් ඊයේ සිදු වූ දැවැන්ත විදුලි බිඳවැටීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රටවල් දෙකෙහිම විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි.
එහෙත් ගුවන් ගමන් සහ දුම්රිය ප්‍රමාදයන් තවදුරටත් වාර්තා වන බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.
මෙම දැවැන්ත විදුලි බිඳ වැටීමට හේතුව සයිබර් ප්‍රහාරයක් බවට පළ වූ වාර්තා ස්පාඤ්ඤය අද නිල වශයෙන් ප්‍රතික්ෂේප කළා.
කෙසේවෙතත් සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් විදුලි බිඳ වැටීම් සිදු වූයේ දැයි තීරණය කිරීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කරන බවයි ස්පාඤ්ඤ බලධාරින් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.