ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බොහෝ පළාත් පාලන ආයතනවල බලය විපක්ෂය විසින් පිහිටුවීමට වැඩි ඉඩක් ඇතැයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
ඔහු කියා සිටියේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක්වී එහිදී සභාවල බලය පිහිටුවනු ඇති බවයි.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී එක්සත් ජාතික පක්ෂය සමග සමගි ජන බලවේගය එක්වෙයිද?
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.