ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය අනුමාන කර තිබූ ඉලක්ක පවා අබිබවා ගොස් ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.
ඔහු කියා සිටියේ සියයට තුනක ආර්ථික වර්ධනයක් අපේක්‍ෂා කළද දැන් එය සියයට පහේ සීමාව ඉක්මවා යමින් ඇති බවයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑමක් වේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව දන්වා ඇතැයි ඔහු කියා සිටියා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ බදු සම්බන්ධයෙන් එම තීරුබදු තාවකාලිකව අත්හිටුවා ඇති දින 90ක කාල සීමාව තුළ අමෙරිකාව සමග එකඟතාවලට පැමිණීම සඳහා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි ආණ්ඩුව ඊයේ ප්‍රකාශ කළේ.