ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ බදු සම්බන්ධයෙන් අමෙරිකාව සමග එකඟතාවකට පැමිණීමට සූදානම් බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.
ඔහු කියා සිටියේ අමෙරිකාව සමග එකඟතාවලට පැමිණීම සඳහා එම තීරුබදු තාවකාලිකව අත්හිටුවා ඇති දින 90ක කාලසීමාව තුළ සිදුකර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා ද මෙහිදී අදහස් පළ කළා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අදහස් පළ වුණා.