Thursday, May 1, 2025

General line - 0115112241

හෙට මැයි රැළිවලට කොළඹ සූදානම්



මැයි දිනය වෙනුවෙන් කොළඹ නගරයේ සංවිධාන කරන පෙළපාළි සහ රැස්වීම් සඳහා අද දිනයේ සිටම සූදානම් වන ආකාරය එහි සංචාරය කළ අපට දැකගත හැකි වුණා. 

මැයි පෙළපාළි සහ රැස්වීම් සඳහා විශේෂ ආරක්‍ෂාවක් ලබා දීමට තීරණය කර ඇති අතර  විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාවට නංවන බවයි පොලීසිය පැවසුවේ. 

මේ,  රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා.

මැයි රැළි සඳහා පැමිණෙන බස් රථ සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.

මේ අතර මැයි දිනය වෙනුවෙන් දිවයිනේ මත්පැන් හල් වසාතැබීම ගැන සුරාබදු දෙපාර්තමේන්තුව අද විශේෂ නිවේදනයක් නිකුත් කළා. 

ඒ අනුව මැයි රැළි පැවැත්වෙන ප්‍රදේශවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ බලපත්‍ර හිමි අනුෂිත හෝටල් හැර සෙසු සියලුම සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන වසා තැබිය යුතු වනවා.