කළුතර - දකුණ පොලිස් වසමේ ගම්සභා නිවාස පාර, නාගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
නිවසක් ඉදිරිපිටි සිටි පුද්ගලයෙකු යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
වෙඩි තැබීමන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
තුවාලකරු 51 හැවිරිදි ගම්සභා නිවාස පාර, නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.