Friday, May 9, 2025

General line - 0115112241

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන බිමල්ගේ ප්‍රකාශයට සජබෙන් ප්‍රතිචාර



බහුතර ආසන සංඛ්‍යාවක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්නේ කෙසේද යන්න ජාතික ජන බලවේගය විසින් පැහැදිලි කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ බහුතරය නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට නම් ජාතික ජන බලවේගය වෙනත් පක්ෂවල සහාය ලබාගත යුතු බවයි.

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන දෙසිය හැට හතේම සභා පිහිටුවන්නේ ජාතික ජන බලවේගයම බවට සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට ප්‍රතිචාරය දක්වමින් ඔහු මේ බව කියා සිටියා.