Friday, May 9, 2025

General line - 0115112241

වෙසක් සතියේ දින තුනක් මස් මාංශ අලෙවිසැල් සහ සුරාසැල් වැසෙයි



වෙසක් සතිය නිමිති කර ගනිමින් මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැෂිනෝ ශාලා සහ සමාජ ශාලා දින තුනක් වසා තැබීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශයේ ලේකම් එස්. අලෝක බණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මැයි 12, 13 සහ 14 යන දිනවල අදාළ ස්ථාන වසා තැබෙන බවයි.

සුපිරි වෙළඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම ද එම දින තුන තුළ නතර කිරීමට පියවර ගෙන ඇති බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

රජය මගින් වෙසක් සතිය ලෙස නම් කර ඇත්තේ මෙම මස 10 වනදා සිට 16 වනදා දක්වා කාලයි.