Monday, May 12, 2025

General line - 0115112241

තිලක් සියඹලාපිටිය ධුරයෙන් ඉල්ලා අස්වී නෑ -පළවන වාර්තා අසත්‍යයි.



විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති බව වාර්තා වනවා. 

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති අමාත්‍යංශය වෙත භාර දී ඇති බවට ඊයේ දිනයේ වාර්තා පළ වුණා. 

එහෙත් ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා එලෙස ඉල්ලා අස් නොවී ඇති බවත් විදෙස්ගත වීම සඳහා නිවාඩු ලබා ගැනීමේ ලිපියක් බලශක්ති අමාත්‍යංශය වෙත භාර දී ඇති බවටත් මේ වන විට වාර්තා වනවා.
 

මේ අතර ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති සිසිර විජේසේකර මහතා මැයි 08 වනදා සිට ඉල්ලා අස්වී තිබෙන බවටද වාර්තා පළ වනවා.