Monday, May 12, 2025

General line - 0115112241

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි



සම්බුදු තෙමඟුල සිදුවූ පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමත්, සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් අද වැනි වෙසක් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. 

වෙසක් පොහොය ලංකාවාසී බෞද්ධයින්ට පමණක් නොව ලෝකවාසී බෞද්ධයින්ටද අතිශය වැදගත් පොහොය දිනයක් බව පොල්ගස්ඕවිට සියඹලාගොඩ සඳ මෙත් අරණ භික්‍ෂු මධ්‍යස්ථානයේ අනුශාසක, කොළඹ මහනාම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමියන් පැවසුවා.


පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමියන් පැවසුවේ වෙසක් අසිරිය නිමිත්තෙන් සිදුකරන විවිධ ක්‍රියාකාරකම්වලදී සිදුවන අයථා ක්‍රියාවලින් තරුණ පරපුර මිදිය යුතු බවයි.