සම්බුදු තෙමඟුල සිදු වූ පින්බර වෙසක් පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව මෙවර ද විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධාන කර තිබෙනවා.
සෑම පුර පසළොස්වක පොහොය දිනකම සංවිධානය කරන නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන අද උදෑසන ආරම්භ වූයේ අම්බුළුගල දන්තපාය රජමහා විහාරස්ථානයේදීයි.
තොරණ, පහන් කූඩු ඇතුළු නේකවිධ විචිත්‍රත්වයෙන් සැරසුණු නේත්‍රාලෝක වෙසක් කලාපය ද මෙවර පැවැත්වෙන්නේ අම්බුළුගල දන්තපාය රජමහා විහාරස්ථානයේදීයි.
එහිදී දන්සැල්, සැදැහැ ගී, සංස්කෘතික ප්‍රසංග ආදී ආමිස පූජා රැසක් දැකබලා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා.
මැයි මස 14වනදා දක්වා මෙම පින්කම් මාලාව පැවැත්වෙන්නේ මාවනැල්ල අම්බුළුගල ශ්‍රී දන්තපාය රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්.
පූජ්‍ය ඇන්තරුවේ රතන හිමියන් විසින් පවත්වන විශේෂ ධර්ම දේශනයක් අද රාත්‍රී 07.00 සිට 08.00 දක්වා සිදුකරන අතර රාත්‍රී 08.00 සිට 09.00 දක්වා ගිතෙල් පහන් පූජාව සිදු කරනු ලබන්නේ පූජ්‍ය ගනේකන්ද චන්දරතන හිමියන් විසින්.
මෙම පිංකම් නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව ප්‍රචාරය කිරීමට ද නියමිතයි.
මහරගම විශ් පෞද්ගලික රෝහලේ අධිපති විශේෂඥ කළල වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර මහතා විසින් අම්බුළුගල දන්තපාය නේත්‍රාලෝක වෙසක් කලාපය සඳහා බැතිබර දායකත්වය ලබාදෙනු ලබනවා.
නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන සහ නේත්‍රාලෝක වෙසක් කලාපය පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා අම්බුළුගල දන්තපාය රජමහා විහාරස්ථ පුදබිමෙහි රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.