වර්තමානයේදී මෙරට පොදු ප්‍රවාහන සේවය දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පවසනවා.
වසරකට රිය අනතුරුවලින් පමණක් පුද්ගලයින් 3,000කට ආසන්න ප්‍රමාණයක් මියයන බවයි මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පැවසුවේ.
රිය අනතුරු වළක්වා ගැනීමට රජය දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පැවසුවා.
තරුණ ප්‍රජාව නොසැලකිලිමත්ව රිය ධාවනය කිරීම වර්තමානයේ විලාසිතාවක් බවට පත්ව ඇති බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා වැඩිදුරටත් කියා සිටියේ.