Wednesday, May 14, 2025

General line - 0115112241

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපයේ අවසන් දිනය අදයි



වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපයේ අවසන් දිනය අදයි. 

ඒ අනුව මාවනැල්ල, අම්බුළුගල, දන්තපාය රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන උතුම් වූ සර්වඥ ධාතූන් වහන්සේ සහ කේෂ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අද දිනයේ ද අවස්ථාව හිමි වනවා. 

එමෙන්ම තොරණ, පහන් කූඩු ඇතුළු නේකවිධ විචිත්‍රත්වයෙන් සැරසුණු නේත්‍රාලෝක වෙසක් කලාපයේදී දන්සැල්, සැදැහැ ගී, සංස්කෘතික ප්‍රසංග ආදී ආමිස පූජා රැසක් අද   පස්වරුවේ ද ක්‍රියාත්මකයි. 

නේත්‍රාලෝක වෙසක් කලාප පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා අම්බුළුගල, දන්තපාය රජමහා විහාරස්ථ පුදබිමෙහි රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.

මහරගම ‘විශ්’ පෞද්ගලික රෝහලේ අධිපති, විශේෂඥ කළල වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර මහතා මෙවර අම්බුළුගල දන්තපාය නේත්‍රාලෝක වෙසක් කලාපය සඳහා බැතිබර දායකත්වය ලබාදෙනු ලබනවා.