Wednesday, May 14, 2025

General line - 0115112241

දන්සැල් සංවිධායකවරුන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දැනුම්දීමක්



පසුගිය දිනවල සංවිධානය කළ දන්සැල්වලින් බැහැර කරනු ලබන කැලි කසළ නිසි ක්‍රමවේදයන්ට අනුව බැහැර කරන ලෙස දන්සැල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලා සිටියේ මේ දිනවල පැතිර යන ඩෙංගු හා චිකන්ගුන්යා රෝග පාලනය කිරීමට සඳහා කැලි කසළ නිසි ලෙස කළමනාකරණය කරන ලෙසයි.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මේ වන විටත් ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළා.