Wednesday, May 14, 2025

General line - 0115112241

සිරියාවට පැන වූ සියලු සම්බාධක ඉවත් කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්



අමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිරියාවට එරෙහි සියලුම සම්බාධක ඉවත් කරන බවට ප්‍රතිඥා දී තිබෙනවා. 

ඒ අමෙරිකානු ජනාධිපතිවරයාගේ සෞදි අරාබි සංචාරයේ පළමු දිනයේදීයි. 

සෞදි අරාබියේ රියාද් අගනුවර පැවැත්වෙන සෞදි - අමෙරිකානු ආයෝජන සංසදයට සහභාගී වෙමින් අමෙරිකානු ජනධිපතිවරයා මේ බව පැවසු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. 

එමෙන්ම සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් මෙන්ම තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමෙරිකානු ජනාධිපතිවරයා එම තීරණය ගෙන තිබෙනවා. 

මෙම සතියේදී තුර්කියේදී අමෙරිකානු ජනධිපතිවරයා විසින් සිරියානු විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

සිරියාවේ අසාද් පාලනයෙන් පසුව රට ස්ථාවර කිරීමට සහ සාමය පවත්වා ගැනීමට බලාපොරොත්තු වන නව රජයක් සාර්ථක වනු ඇතැයි අපේක්ෂා කරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ. 

අමෙරිකාවේ සම්බාධක සහන සිරියාවේ විදේශ අමාත්‍ය අසාද් අල්-ෂයිබානි විසින් පිළිගෙන තිබෙනවා.