Thursday, May 15, 2025

General line - 0115112241

රෑට දුවන බස් වෙනස් වෙයි



රාත්‍රියේදී ධාවනය වන බස් රථ සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බව පෞද්ලික බස් හිමියන් පවසනවා. 

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ සුඛෝපභෝගී බස් රථ පමණක් රාත්‍රියේදී ධාවනයට එක්කරන බවයි.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ද පැවසුවේ රාත්‍රියේදී ධාවනය වන බස් රථ සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාවට නංවන බවයි.

බස් රථ අනතුරු සම්බන්ධයෙන් වැඩිම අවධානයක් යොමු වූයේ පුද්ගලයින්  23 දෙනෙකුට මරු කැඳවූ ගැරඬිඇල්ලේ බස් රථ අනතුරත් සමඟයි. 

පොලිස් වාර්තාවලට අනුව වසරේ ගත වූ කාලය තුළ පමණක් රිය අනතුරුවලින් පුද්ගලයින් 960කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබෙනවා.