පාකිස්ථානයට අයත් විශාලතම පළාත ලෙස සැලකෙන බලුකිස්තානය, පාකිස්ථානයෙන් ඉවත් වී වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙසින් නුදුරේදීම බිහිවනු ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.
ඒ, බලුකිස්තාන නායක මිර් යාර් බලුච් විසින් පකිස්ථානයෙන් නිදහස් වීම ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකයි. ඔහු ඉන්දියාවෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා ඇත්තේ ස්වෛරී බලුකිස්තානයක් පිළිගන්නා ලෙසයි.
බලුකිස්තාන් ජනරජය ලෙස සංක්‍රාන්ති රජයක් පිහිටුවීමට සූදානම් බවත් කාන්තා නියෝජනය ද ඇතුළත් වන නව පරිපාලනයක් ආරම්භ කරන බවත් ඔහු පවසා තිබෙනවා.
අලුතින් යෝජිත රාජ්‍යය සඳහා දැනටමත් ජාතික ධජයක්, පාර්ලිමේන්තුවක්, ජාතික ගීය සහ ලාංඡනය වැනි ස්වෛරීභාවයේ සංකේත ස්ථාපිත කර ඇති බවයි බලුකිස්තාන නායක මිර් යාර් බලුච් පවසා ඇත්තේ.
සිය අගනුවර ක්වේටා ලෙස පවතිනු ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
පකිස්ථානයේ විශාලතම නමුත් අඩුම ජනගහනයක් සහිත පළාත වන්නේ බලුකිස්තානයයි.
බලුකිස්තානයේ බලහත්කාර අතුරුදහන් කිරීම්, නීති විරෝධී ඝාතන සහ නිදහස් ප්‍රකාශනයන් සීමා කිරීම පිළිබඳ වාර්තා බවට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට්ස් වොච් ඇතුළු මානව හිමිකම් කණ්ඩායම් ඉකුත් සමයේ චෝදනා කළා.
කෙසේවෙතත් බලුකිස්තානය, පාකිස්ථානයෙන් ඉවත් වී වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නැයි කළ ඉල්ලීමට ඉන්දියාව තවමත් ප්‍රතිචාර දක්වා නැහැ.