Thursday, May 15, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයෙකු අමෙරිකානු පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරේ



ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයෙකු වන පුබුදු දසනායක, අමෙරිකානු පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා. 

ඒ, හිටපු පුහුණුකරු ස්ටුවර්ට් ලෝගේ ඉවත් වීමෙන් පසුවයි. 

අමෙරිකානු පිරිමි ක්‍රිකට් කණ්ඩායම පිළිබඳ ලෝකයේ වැඩි අවධානයක් යොමු වීම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ එක්ව සත්කාරකත්වය දැරූ ෂක්‍ක්‍ පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියේදීයි. 

පුබුදු දසනායක අමෙරිකානු පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරෙන දෙවන අවස්ථාව මෙයයි. 

මීට පෙර ඔහු 2016 සිට 2019 දක්වා සිය සේවය ලබාදුන් අතර, එම කාලය තුළ අමෙරිකානු කණ්ඩායමට එක්දින වරම් ලබා ගැනීමට මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළ ස්ථාපිත වීමට මහඟු කාර්යයක් ඉටුකළ බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

54 හැවිරිදි පුබුදු දසනායක මීට පෙර නේපාලය සහ කැනඩාවේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළා.