ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් අතර ඇති වූ එකඟතාවය අනුව එම පක්ෂවල ලේකම්වරුන්ගේ රැස්වීම අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කොළඹ ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර පළාත් පලාන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ පොදු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ වුණා.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසුවේ එවැනි වැඩපිළිවෙළකට සහය දැක්විය හැක්කේ කොන්දේසි සහිතව බවයි.
සමගි ජන බලවේගය අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙහිදී අදහස් පළ කළා.
මේ අතර අද පැවැත්වීමට නියමිත විපක්ෂයේ දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ගේ සාකච්ඡාවට සහභාගී නොවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
පොදු විපක්ෂයක් ලෙස සන්ධානගත වීමකට සිය පක්ෂය එකග නොවන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ.