ඉන්දියාව සහ පකිස්ථානය අතර සටන් විරාමය මැයි මස 18වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ජම්බු කාශ්මීර් දේශසීමාවේ පෙහෙල්ගම් ප්‍රදේශයේදී ඉන්දීය සංචාරකයන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් දෙරට අතර ඇතිවූ උණුසුම් වාතාවරණය යුද ගැටුමක් දක්වා උත්සන්න වුණා.
දින 04ක් පුරා දෙපාර්ශවයෙන් එල්ල වූ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පසු ඉන්දියාව සහ පකිස්ථානය සටන් විරාමයකට එළඹුණේ පසුගිය 10 වන දිනයි.
එම සටන් විරාමය ඊයේ පස්වරු 05න් අවසන් වීමට නියමිතව තිබුණා.
පකිස්ථානය ඊයේ ප්‍රකාශ කර තිබුණේ සටන් විරාමය දීර්ඝ කිරීමට සූදානම් බවයි.
ඉන්දු පකිස්ථාන සටන් විරාමය මැයි 18 දක්වා දීර්ඝ කර ඇති බව ඉන්දීය මාධ්‍යද වාර්තා කර තිබෙනවා.
දේශ සීමාවේ තත්ත්වය සමාලෝචනය කර එම තීරණයට එළැඹී ඇති බවද එම මාධ්‍ය මාධ්‍ය වාර්තාවල සඳහන්.