Saturday, May 17, 2025

General line - 0115112241

මහින්දානන්දට වරෙන්තු

උදය කුමාර



හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. 

ඒ, ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධියට අදාළවයි. 

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය එම නියෝගය නිකුත් කර තිබෙනවා.