Saturday, May 17, 2025

General line - 0115112241

හැටන් සිට ආරම්භ කෙරෙන දුර ගමන් සේවා බස්රථ හදිසි පරික්‍ෂාවකට ලක් කෙරේ

රංජිත් රාජපක්ෂ



වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයක් මත හැටන් සිට දුරගමන් සේවා සදහා යොදවා ඇති ලංගම සහ පෞද්ගලික බස් රථ ගිනිගත්හේන පොලිසිය මගින් හදිසි පරික්ෂාවට ලක් කර තිබෙනවා. 

හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේදි එම බස් රථ පරික්‍ෂාවක ලක් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහිදී මගීන්ට අන්තරාදායක ලෙස අඩුපාඩුකම් සහිතව බස් රථ ධාවනය කල ලංගම බස් රථ 5ක් සහ පෞද්ගලික බස් රථ 6ක රියදුරන්‍ 11 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. 

පරික්ෂාවට ලක් කල තවත් බස් රථ කිහිපයක රියදුරන් පිරිසකට එම අඩුපාඩුකම් සපුරා ගැනීමට පොලීසිය විසින් උපදෙස් ලබා දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.