Saturday, May 17, 2025

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ විශේෂ මෙහෙයුම්වලදී තවත් සැකකරුවන් 318 දෙනෙකු අත්අඩංගුවට



මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ සිදු කළ වැටලීම්වලදී සැකකරුවන් 318 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කළ වැටලීම් 318කදීයි. 

හෙරොයින් ග්‍රෑම් 223යි මිලි ග්‍රෑම් 925ක් සමග සැකකරුවන් 110 දෙනෙකු සහ අයිස් ග්‍රෑම් 146යි මිලි ග්‍රෑම් 498ක් සමග සැකකරුවන් 111 දෙනෙකු එම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ගංජා කිලෝ එකයි ග්‍රෑම් 17ක් සමග සැකකරුවන් 93 දෙනෙකු සහ මත්පෙති 1,270ක් සමග සැකකරුවන් 04 දෙනෙකු එම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.