Saturday, May 17, 2025

General line - 0115112241

ඉදිරි දිනවල වෙනස්වන කාලගුණය



ඉදිරි සතියේදි දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව ඉදිරි සතියේදී වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්‍ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ. 

අද දිනයේද ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.