හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ ගල්වංගුව ප්‍රදේශයේදී යතුරුපැදියක් තවත් වාහනයක ගැටි අනතුරක් සිදු වී තිබෙනවා.
අදාළ අනතුරින් කන්තලේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තරුණයකු මිය ගොස් ඇති බවයි හබරණ පොලිසිය පැවසුවේ.
මෙම යතුරු පැදිකරු අවිස්සාවේල්ලේ සිට කන්තලේ තම නිවසට යන අතරතුර අදාළ අනතුර සිදූ වී තිබෙනවා.
සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ යතුරු පැදිය ඉදිරියෙන් පැමිණි වාහනයක මුහුණට මුහුණ ගැටී ඇති බවයි.
අනතුරෙන් පසුව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි එම රථය ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව ද එම රථය අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව ද හබරණ පොලිසිය පැවසුවා.
මිය ගිය තරුණයාගේ සිරුර මේ වන විට හබරණ රෝහලේ තැන්පත් කර ඇති අතර ඔහුගේ යතුරුපැදිය තිබෙන ස්ථානයේ ස්ථානීය පරීක්ෂණ පොළොන්නරුව සෝකෝ නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.