Saturday, May 17, 2025

General line - 0115112241

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු රෝහලේ



අරලගංවිල - දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ අලු‍ත්ඔය ප්‍රදේශයේදී ධාවනය වූ යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී තිබෙනවා. 

එහිදී තුවාල ලැබූ එකම පවුලේ පියා, මව සහ දියණිය ඇතුළත් කර ඇත්තේ පොළොන්නරුව මහ රෝහල වෙතයි. 

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ. 

අධික සුළං සහ ප්‍රදේශයට ඇදහැළුණු තද වැසි හමුවේ අදාළ යතුරු පැදිය මතට එම ගසා වැටී තිබෙනවා.

මේ අතර අද රාත්‍රියේද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වෙමින් ඇති බවත් ඒ අනුව ඉදිරි සතියේදී වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්‍ෂා කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.