විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ඒ, ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළවයි. විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර මීට පෙර අවස්ථා දෙකකදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද දෙවන සාකච්ඡා වටය සඳහා සහභාගී වූයේ නැහැ.
සර්වජන බලයද ප්‍රකාශ කළේ විපක්ෂයේ සන්ධානයකට සහය දැක්වීමට තීරණයක් ගෙන නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මහින්ද අමරවීර මහතාගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළා.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව දුමින්ද දිසානායක මහතාද අදහස් පළ කළා.
කෙසේවෙතත් බහුතරය හිමි වූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන් ජාතික ජන බලවේගයට සහය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බවයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ.