ක්‍රේග් බ්‍රැත්වේට් ඉවත් වීමෙන් හිස් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නව නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් නම් කර තිබෙනවා.
චේස්, කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් තරග 49ක ඉනිම් 90කදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 2,265ක්.
ඊට ශතක 5ක් හා අර්ධ ශතක 11ක් ඇතුළත්. 33 හැවිරිදි වියේ පසුවන චේස් නායකත්වය දරණ පළමු ටෙස්ට් තරගය ඔහුගේ 50වන ටෙස්ට් තරඟය වීමද විශේෂත්වයක්.
කෙසේවෙතත් 2023 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාකළ ටෙස්ට් තරගාවලියෙන් පසු ඔහු මේ දක්වා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩාකර නැහැ.