Saturday, May 17, 2025

General line - 0115112241

රාත්‍රී තැපැල් දුම්රිය අදත් අවලංගු කෙරේ



දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබෙනවා. 

කෙසේවෙතත් රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ සියලු තැපැල් දුම්රිය අද දිනයේද අවලංගු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ. 

වර්ජනයක් ක්‍රියාත්මක වුවද අද දිනය පුරා දුම්රිය ගමන් වාර 100කට ආසන්න ප්‍රමාණයක් ධාවනය කරවීමට සැලසුම් කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියා සිටියා. 

කෙසේවෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ සිය වර්ජනය සාර්ථක බවයි.  

ඒ සම්බන්ධයෙන් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා දැක්වූයේ මෙවන් අදහසක්. 

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉල්ලීම් ඉටු කිරීමට ප්‍රමාද වී ඇති හේතු සම්බන්ධයෙන්ද ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළා. 

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයේ නිරතවීම හේතුවෙන් ඇතැම් දුම්රිය ස්ථානවලින් අද දිනයේ ප්‍රවේශපත්‍ර නිකුත් කෙරුණේ නැහැ. 

ඒ අනුව එම දුම්රිය ස්ථානවලින් දුම්රියන්හි ගමන් ගත් මගීන්ට ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කිරීමට අද අවස්ථාව උදාවුණා.