Monday, May 19, 2025

General line - 0115112241

කොටහේනේ වෙඩි තැබීමට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට



කොටහේන, සුමිත්‍රා මාවත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකුට හා කාන්තාවකට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අදාළ වෙඩිතැබීමෙන් පසු පලාගිය සැකකරුවෙකු හා අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

එම සැකකරුවන් නීතිඥවරුන් මාර්ගයෙන් කොටහේන පොලිස් ස්ථානයට හා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත භාරවී තිබෙනවා. 

පසුගිය 16 වනදා කොටහේන, සුමිත්‍රා මාවත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල අවියකින් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකුට හා කාන්තාවකට බරපතල තුවාල සිදුව තිබුණා.
 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17 හා 18 වයස්වල පසුවන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් අද දිනයේ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොටහේන පොලිසිය හා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් ක්‍රියාත්මකයි.