එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් රණවිරුවන් අත්කර ගත් යුද විජයග්‍රහණයට අදට වසර 16ක් සපිරෙනවා.
2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ නායකයින් මියයාමත් සමග 30 වසරක් පුරා රටම වෙළාගත් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම අතුගා දැමීමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් වුණා.
ඒ, යුද්ධයේ අවසන් දින කිහිපයේදී සිවිල් ජනතාව ද ආරක්ෂා වන ලෙස ලොවක් මවිත කළ මානුෂීය මෙහෙයුමක් දියත් කරමින්.
පොලීසිය සහ සිවිල් ආරක්ෂක භටයින් ද එවක රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නොනිමි මෙහෙවරක් ඉටු කළා.
එම විජයග්‍රහණයට උර දුන් වීරෝධාර රණවිරුවන් සිහිපත් කෙරෙන 16 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදීයි. මෙම සැමරුම් උත්සවය පස්වරු 04.00 සිට 06.00 දක්වා පැවැත්වීමට නියමිතයි.
ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් මෙම සැමරුම් උත්සවයට සහභාගී වීමට නියමිත බවයි රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික, බි්‍රගේජියර් සෙනරත් කොහොන මහතා පැවසුවේ.
දේශයේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය වෙනුවෙන් දිවිහිමියෙන් සටන් වැද දිවිපිදූ හා අතුරුදන් වූ රණවිරුවන්ට ගෞරවය පිරිනැමීම සඳහා වාර්ෂිකව මෙම සැමරුම් උත්සවය පැවැත්වෙනවා.
මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික, බි්‍රගේජියර් සෙනරත් කොහොන මහතා.