Monday, May 19, 2025

General line - 0115112241

 රට පුරා ඇති ලුණු හිඟයට එකම විසඳුම



මෙරට පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ලුණු මෙටි්‍රක් ටොන් 30,000ක් ආනයනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ලුණු සමාගම පවසනවා. 

එහි සභාපති ඩී. නන්දන තිලක මහතා පැවසුවේ පසුගිය වසර 02 තුළ වර්ෂා තත්ත්වය හේතුවෙන් අපේක්ෂිත ලුණු නිෂ්පාදනයක් මෙරට තුළ නිෂ්පාදනය කිරීමට නොහැකි වූ බවයි.


රට තුළ පවතින ලුණු හිඟයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ලුණු හිඟයක් ඇති වේ යැයි බියෙන් පාරිභෝගිකයන් අත්‍යවශ්‍ය ප්‍රමාණය ඉක්මවමින් ලුණු මිලදී ගැනීම බවද ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දන තිලක මහතා සඳහන් කළා.