Monday, May 19, 2025

General line - 0115112241

අද පස්වරුවේත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි



නිරිත දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීමේ බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ, හෙට පෙරවරු 09 තෙක් බලපැවැත්වෙන පරිදි කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්.
 

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද සහ හෙට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ.       
 

මේ, ඉදිරි කාලගුණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා. 


මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමග රට තුළ සිදු වන ඕනෑම ආපදාවකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම් බවයි එහි අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.