අම්පාර, කාවන්තිස්ස විද්‍යාලය අසලදී බීමතින් මෝටර් රථයක් ධාවනය කළ පොලිස් නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අම්පාර කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මතයි.
සැකකරු මඩකලපුව ආයිත්තමලේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් නිලධාරියෙකු බවයි සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව සැකකාර පොලිස් නිලධාරියාගේ සේවය මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ඊයේ දින සිට අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.
සැකකරුට ලබන (23) දින අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
අදාල කාර් රථය පොලිස් ස්ථානයට රැගෙන යාම සඳහා කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ක්‍රියා කරන අවස්ථාවේදී ලබා ගත් වීඩියෝවක් මේ වන විට සමාජමාධ්‍යවල සංසරණය වනවා.