Monday, May 19, 2025

General line - 0115112241

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම සාර්ථකයි - ජනාධිපති ලේකම්



ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම සාර්ථක බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසනවා. 

ජනාධිපති ලේකම්වරයා මේ බව පවසා ඇත්තේ ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ පුහුණු වැඩමුළුවකට සහභාගී වෙමින්. 

එය ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පවත්වා තිබෙනවා. 
 

ජනාධිපති අරමුදලේ ප්‍රධාන අරමුණ සහ පරමාර්ථය වන්නේ අතිශය අසරණ අයට සේවයක් ලබා දීම බවත්, මේ වන විට ප්‍රාදේශීය ලේකම් මට්ටමින් අරමුදලේ සේවාවන් ව්‍යාප්ත කිරීම නිසා වැඩි පිරිසකට පහසුවෙන් සේවාවන් ලබා ගැනීමට හැකි වී ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එහිදී පවසා තිබෙනවා.
 

එම සේවාවේ වටිනාකම සියලු රාජ්‍ය නිලධාරින් තේරුම් ගෙන ඇතැයි විශ්වාස කරන බව පැවසූ ජනාධිපති ලේකම්වරයා, ජනතාව වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවයි පවසා ඇත්තේ. 
 

මේ එහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා.


ජනාධිපති අරමුදල වෙත වාර්ෂිකව ලැබෙන මුදල් අසරණ ජනතාව වෙනුවෙන් ලබා දිය යුතු බවත්, අසරණ රෝගීන් වෙනුවෙන් ලබාදෙන සේවාව තවදුරටත් වර්ධනය කිරීමට සියලුදෙනා කැපවී කටයුතු කළයුතු බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.